iranama
විභාගයේ ජය මාවත පෙන්වන ඕංකාර ගණපති යන්තරය
ලබන අගෝස්තුවේ ඇරඹෙන උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට වැඩි වෙහෙසක් ගන්නේ ඔවුන්ගේ දෙමව්පියන්ය.
පන්සල්, පල්ලි, කෝවිල් ගාණේ මෙන්ම භාර හාර, යන්ත්‍ර මන්ත්‍ර පසුපස යන්නටත් ඔවුන් වැඩිපුර පෙලඹෙන්නේ මේ වකවානුවේදීය.
ඕනෑම යන්ත්‍රයක් කියන මුදලක් දී තම දරුවාගේ ගෙලේ පලඳින, දැනටමත් ලක්ෂ ගණනින් මුදල් වියදම් කළ දෙමව්පියන් ඕනෑම තරම් දකින්ට ඇත්තේය. තම දරුවනට උපරිම අධ්‍යාපනයක් ලබාදී යහපත් පුරවැසියකු බවට පත්කිරීම සෑම දෙමාපියකුගේම ඒකායන බලාපොරොත්තුවයි. මෙම ප්‍රාර්ථනාව සඵල කර ගැනීමට හැකියාව ලැබෙනුයේ ඉතා අල්ප පිරිසකටයි. මන්ද දරුවකුගේ අධ්‍යාපනය කෙරෙහි භෞතික මෙන්ම අභෞතික සාධකයන්ද ජු ලෙසම දායක වන බැවිනි. මිල මුදල්, පහසුකම් සහිත පාසල් අමතර ඉගැන්වීම්, නිවැරදි කාල කළමනාකරණය ආදිය බාහිර භෞතික සාධකයෝ වෙති. තවද මීට බලපාන පියවි ඇසට නොපෙනෙන බලවේග හා ශක්තීන්ද තිබේ. පෙර කරනු ලැබූ කුසලා කුසල කර්ම මෙයට මූලික වනු ඇති.
කොතරම් උනන්දු උවත් උනන්දු කරත් සමහර දරුවන් අධ්‍යාපනයට කැමැත්තක් නොදක්වයි. සමහර දරුවන් උපතින්ම අධ්‍යාපනයට දක්ෂයෝ වෙති. සමහර දරුවන්ට ඉතා හොඳ ධාරණ ශක්තියක් පවතී. තර්කානුකූල හැකියාව ඇත සමහර දරුවන්ට මේ කිසිවෙක් නැත. මෙවන් විෂම තත්ත්වයන් ඉතා නිවැරදිව නිරාකරණය කළ හැකි මෙන්ම ඉතා නිවැරදිව ප්‍රකාශ කළ හැකි කැඩපත වනුයේ ජන්ම පත්රයයි.
ජන්ම පත්‍රයක අධ්‍යාපනය ගැන කියවෙන ස්ථානය 5 වැන්නයි. 5 වැන්න ප්රබලවීම ඉතා උසස් අධ්‍යාපනයක් උරුම වන බවට ඉඟිකරයි. 5 වැන්නේ ග්‍රහයින් ප්‍රබල ලෙස තැන්පත්වීම 5 වැන්නට සුබග්‍රහ දෘෂ්ටීන් ලක්වීම 5 වැන්න සුබ කර්තරි වීම සහ රවි, බුධ ගුරු යන ග්‍රහයන් ජන්ම පත්‍රයේ බලවත් වීම අධ්‍යාපන කාරකත්වය පෙන්නුම් කරයි. අසුබ ග්‍රහයන් 5 වැන්නේ ලැගුම් ගැනීම, 5 වැන්නට දෘෂ්ටිය හෙළීම, 5 වැන්න පාප කර්තරි තත්ත්වයට පත්වීම අධ්‍යාපන බාධක පෙන්වන සාධකයන් වෙති.
දරුවන්ගේ අධ්‍යාපන විචලතාවන්ද ජන්ම පත්‍රය ආශ්රයෙන් ඉතා නිවැරදිව විග්රහ කළ හැකිය. ග්‍රහ ගෝචරය, මහ දශා අන්තර් දශා ගවෛන ආකාරය, ගෝචරයෙන් නිර්මාණය වන සරස්වතී යෝගයත් මේ අතර ප්රබලය. සමහර දරුවන් කුඩා කල දක්ෂව සිට පසුකාලීනව දුර්වල වීමත්, සමහර දරුවන් දුර්වලව සිට පසුව ඉහළ අධ්‍යාපන තත්ත්වයට යෑමත් අප සමාජයේ ඉතා පැහැදිලිව හඳුනා ගත හැකිය. උත්පත්ති ජන්ම පත්‍රය බලවත් වුවහොත් බාධක මධ්‍යයේ වුවද කෙසේ හෝ අධ්‍යාපනය සිදු කරනු ඇති.
මෙවන් බාධාවන් තිබෙන විට දෙමාපියන් මහත්වූ අසහනකාරී තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැක. දෙවියන් වෙනුවෙන් බාරහාරවීමට බෝධි පූජා තැබිමට සහ නොයෙකුත් මාදිලියේ යන්තර පැලඳීමට අපි පුරුදුව සිටිමු. මේවා සිදුකිරීම් වරදක් නැත. නමුදු අත්‍යවශ්‍ය දේ පමණක් ඉටුකිරීම ප්‍රමාණවත් වේ. පෙර කරන ලද අකුසල තත්ත්වයන් නිවැරදිව වටහාගෙන ඒවා විපාක දෙන කාල සීමාවන්ද නිර්ණය කර එය දරුවාගේ අධ්‍යාපනයට බාධාවක් සේ ක්‍රියා කරයි ද යන්න ජන්ම පත්‍රය ආශ්රයෙන් විමසා බැලීම කළ යුතුයි. අනතුරුව එයට නිසි පිළිවෙත් යෙදිය යුතුය. සරස්වතී දෙවියන්ට, ශ්‍රී ගණ දෙවියන්ට බාර වීම ඉතා සුබයි. මෙම බාර වීමේදී සල්මල් පූජා කිරීම අනිවාර්ය වෙයි. විභාග ආසන්නව පූර්ව දින 07ක් නැගෙනහිර දිශාව බලා බෝධි පූජා පැවැත්වීමත්, දරුවා විභාගය ලියන මොහොතේ විහාරස්ථානයක දෙමාපියන් බෝධිපූජා පැවැත්වීමත් ඉතා ඉහළ ප්‍රතිඵල ගෙනදෙන ශාන්තිකර්මයෝ වෙති.
කොතරම් යන්තර පැලඳුවද ඉතා සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන යන්තර ඇත්තේ කිහිපයකි. එයිනුදු
Wmqgd .ekSu